සව්නේ දා පැයක් කැලණියේ
කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා හෙට (බදාදා) උදේ අටේ සිට පැයක් බුදුන් වැඩි කැලණිය රජමහා විහාරයේ වන්දනා මාන කිරීම තැබීමට රජය තීරණය කරයි.
මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ ඉල්ලීමක් අනුව ජනපති ඊට අනුමැතිය දක්වා ඇත. බදාදා උදේ 7 දක්වා සර්වඥ ධාතුන් කැලණිය මානෙල් වත්ත විහාරයේ ප‍්‍රදර්ශනය කැරේ.

