සල්ලි ගන්න සරසවි එපාලූ


යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත වහා හකුළා ගන්නැයි කියමින් මහජනතාව දැනුම්වත් කිරීමේ පති‍්‍රකා  අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී  බෙදා හැරිණි. රජයේ විශ්ව විද්‍යාලවලට පහසුකම් නොදී, පෞද්ගලික විශ්ව විද්‍යාල මෙරට ඇති කිරීමෙන් නිදහස් අධ්‍යාපනය වැනසෙන බව කියමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ උද්ඝෝෂණ පැවැත්වීය.