ඉතාලියේ පාදුවා නගරයේ ශාන්ත ෆ්‍රැන්සිස් මාවතේ වාසයකරණ ලාංකික යුවලකගේ (24,30) නිවසට පසුගිය ඉරුදින රාත්‍රි තුනට පමණ නාඳුනන පුද්ගලයකු කුස්සියේ ජනේලයෙන් ඇතුළුවී තිබේ.
ලාංකිකයන් නිදාසිටින අවස්ථාවේ ශබ්දයක් ඇසී අවදිවී බලන විට තම ඇඳ ළඟ හිස්වැසුමක් පැළඳගත් පුද්ගලයෙකු දැක කෑගසා ඇත.
එවිට කුස්සියෙන් සොරාගත් පිහියක් වැනිම නිසා කාන්තාවගේ ඇඟිල්ලකටද තුවාල සිදුවී ඇත. සොරා කුස්සියේ ජනේලයෙන්ම පැනගොස් ඇත.
විජිත වික්‍රමගේ(30) නම් ගෙහිමියා පවසන්නේ මේ නාඳුනන පුද්ගලයා ගෙට ඇතුළුවූ ස්ථානාය්ම තමන්ගේ දුරකථන, මුදල් සහිත පසුම්බිය සහ පරිගණකය තිබූ බවයි. මේකිසිවක් නොගෙන තමන් නිදන කාමරයට එන්නට ඇත්තේ තම බිරිඳ පමණක් ගෙදර සිටින බව සිතා ගෙන විය හැකි යැයි ඔහු කියයි.
එයට හේතුව නම් එදින සවස තමාට වඩාත් හැඩහුරුකම් ඇති තම සහෝදරයා තම නිවසට පැමින නිවසින් යනවිට බෑගයකුත් රැගෙන ගිය නිසා මොහු ගෙදරට ඇතුළුවන්නට ඇතැයි ඔහු සිතයි.
නිවසට එන්නට ඇත්තේ වයස අවුරුදු 45 පමණ වන ඉතාලි ජාතිකයකු විය හැකි බව කියන ගෙහිමියෝ මේ පිළිබඳ පොර්තෝ දෙල්ලා වාල්ලේ පොලීසියට පැමිණිලි කළහ.

