
(රොමේෂ් මධුෂංඛ)
යාපනය වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරළ තීරයේ අලංකාර සරුංගල් සැණකෙලියක් අද සංවිධානය කොර තිබුණි.
පවතින කොරෝණා අවදානම නිසා යාපනය වැල්වැටිතුරෙයි වාර්ෂික සරුංගල් සැණකෙලිය නොපැවත්වීමට තීරණය කිරීම හේතුවෙන් වලිකාමම් නැගෙනහිර මුහුදු තීරයේදී මෙම සරුංගල් සැණකෙළිය කට්ටෙයිකාඩු ශාන්ත මරියා ක්‍රීඩා සමාජය සංවිධානය කොට තිබුණි.
කට්ටෙයිකාඩු වෙරළ තීරයේ පැවති සරුංගල් සැණකෙලියේදී දෙමළ හින්දු ජනතාවගේ සංසකෘතින් විදහා දැක්වෙන අලංකාර වූ සරුංගල් නිර්මාණ මෙන්ම ගෙවී ගිය කාලයේදී ජනතාවට බලපෑ කොරෝණා වෛරසය, ගෑස් ගැටලු, පොහොර ගැටලු ආදියද විදහා දැක්වෙන සරුංගල් නිර්මාණ ඉදිරිපත්කොට තිබුණි.






