සර්වඥ ධාතූන් ප්‍රදර්ශනය ගල්දූවේ


මියන්මාරයේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනයේ අද (17) සහ සඳුදා (18) ප්‍රදර්ශනය කෙරේ.

මියන්මාරයේ මණ්ඩලීනුවර යුකාන්ඩි විහාරස්ථානයේ තැන්පත් කර තිබූ බුදු රජාණන්වහන්සේගේ දකුණු අකු ධාතූන් වහන්සේ වෙසක් සමයේ මෙරටට වැඩම කෙරුණි.

විහාරාධිපති කහගොල්ලේ සෝමවංශ හිමියන්ගේ මූලිකත්වයෙන් අද රිය පෙරහරකින් ගල්දූව ආරණ්‍ය සේනාසනයට වැඩම කරවූ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට විශාල පිරිසක් එක්ව සිටියහ.