සර්ව පාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව ඇමැති අමරවීර කියයි


චන්ද්‍රසේන ගමගේ

සියලු දේශපාලක පක්ෂවල සහභාගීත්වයෙන් යුතු සර්ව පාක්ෂික රජයක අවශ්‍යතාවය මතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
 
වසර හැටකට ආසන්න කාලයක් තනි දේශපාලන පක්ෂ රට පාලනය කළත් ප්‍රශ්න අඩු නොවූ බවත්, ප්‍රධාන පක්ෂ දෙක එක්ව නිර්මාණය කළ ජාතික ආණ්ඩු ක්‍රමය ද අසාර්ථක බවත් ඇමැතිවරයා කීවේය.
 
මහින්ද අමරවීර හතා මේ බව පැවසුවේ අද රන්න කට්ටකඩුව ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය. 
 
‘අද බලයේ ඉන්න අය තම බලය රැක ගැනීම සදහා උත්සාහ ගන්නවා. බලය නැති අය බලය ලබා ගැනීම සදහා උත්සාහ ගන්නවා. මේ නිසා රට ආරජික වෙනවා. රට ගැන නොසිතා බොහෝ අය තම දේශපාලන පැවැත්ම ගැන හිතන නිසා මේ රටේ ප්‍රශ්න වැඩි වුණා. මේ ක්‍රමය වෙනස් වී රට අලුත් දිශාවකට යා යුතු කාලය එළඹ තිබෙනවා. 
 
අගමැතිවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංග යෝජනාව පිළිබදව හෙට(02) රාත්‍රී ජනාධිපතිවරයා   සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වෙනවා. එහිදී අපි තීරණය කරනවා විශ්වාස භංගයේදී කුමක් කළ යුතුද කියා. කොහොම නමුත් අපි අපේ තනතුරු ගැන හිතන්නේ නැතිව රට ට හිතරක තීන්දුවක් ගන්නා බව මෙහිදි සදහන් කරන්න කැමතියි.‘