( තිළිණි ද සිල්වා )
සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඊවිසි ඩාසෙක් මහතා සංචාරයක් සඳහා මෙම සතිය තුළ මෙරටට පැමිණෙනු ඇති බව සර්බියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සර්බියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා වන ඊවිසි ඩාසෙක් මහතා හෙට (2) දිනයේ සිට ලබන 8 වැනි දා දක්වා කාලය තුළ ඉන්දියාව, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල සංචාරය කිරීමට නියමිතය.
මෙම සංචාරය තුළ දී සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා එම රටවල්වල නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
රටවල් අතර පවත්නා සහයෝගීතාව වර්ධනය කරගැනීම සඳහා ගිවිසුම් කිහිපයකට එළඹීම ද සර්බියානු අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය තුළ දී සිදුකිරිමට නියමිත බව සඳහන් වෙයි.