සරසවි සිසුවියට පිහිඇනුම් කළ තරුණයා රිමාන්ඩ්


(කවිතා සුබසිංහ) 

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියකින් ඇන බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා  18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (14) නියම කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ධනුෂ්ක විකුම් කුමාර නැමැත්තෙකි.

විශ්වවිද්‍යාල සිසුවියට පිහියකින් ඇණීම සම්බන්ධයෙන් ඔහු ඊයේ (13) අත්අඩංගුවට ගැණිනි.

සැකකරු ද තම ජීවිතයට හානිකර ගැනීමට සූදානම්ව සිට ඇති බවත් ඔහුගේ ගමන් බෑගයේ තිබී පෙට්‍රල් බෝතලයක් හා ගිනි පෙට්ටියක්  ද හමු වූ බවත් අධිකරණයේ දී කියවිණි. බරපතල තුවාල ලැබූ තරුණිය රාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.