සරසවි සිසුන්ට කදුලු ගෑස් ප්‍රහාර


ඉන්දිකා රාමනායක, නිමල කොඩිත්තු

සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන  කොල්ලුපිටිය මංසන්ධියේ දී  මීට සුළු මොහොතකට පෙර පොලිසිය කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර  විසුරුවා හැරියහ.

සිසුන් පොලිස් මාර්ග බාධක පෙරළා අරලියගහ මන්දිරයට ගමන් කිරිමට උත්සහ කිරිමේ දී එය වළක්වා ලමින් පොලිසිය ඔවුන් විසුරුවා හැරිමට ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණි.

මේ හේතුවෙන් කාර්යාල නිම වී කොල්ලුපිටිය දුම්රිය ස්ථානය වෙත ගමන් ගන්නා සේවක සේවිකාවන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.

සිසු සිසුවියෝ එම ස්ථානයේ රැදී සිටිමින් තවදුරටත් විරෝධතාවේ නිරත වෙමින් සිටිති.
 

මේ හේතුවෙන්  ගාලු පාර කොල්ලුපිටිය මන්සංධියෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි. අන්තර් විශ්ව විද්‍යාල ශෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ද සිද්ධියේ දී තුවාල ලබා ඇත.

 

ඡායාරූප - ශාන්ත රත්නායක