සරසවි බඹරු පැන්නෙති


පේරාදෙණි විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති බඹර ජනපද 27න් 22ක් පරිසර හිතකාමී ලෙස ඉවත් කළ බව සරසවි බලධරයෝ කියති.

 බිඟු සම්පත් සුරැකීමේ සංගමයේ මහින්ද විජේසිංහ හා බණ්ඩාර තඹවිට ඇතුළු 12 දෙනෙක් එම මෙහෙයුමට දායක වූහ.

පොල්ලෙලි හා අමු අතු යොදා  දුම් ගසමින් පේරාදෙණිය අක්බාර් පාලම මත සැකසූ යකට බඩ අට්ටාල රාමු තුළ රැඳෙමින් බඹර වද කපා ඉවත් බවත්, බඹරුන් ඉවත් කළ බවත් සංගමය කියයි.