සරසවි නවක වදයට තවත් සිසුවෙක් මරුට?


(සුරංග රාජනායක)

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරමින් සිටි සිසුවකු ගෙලවැල ලාගෙන මිය ගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.

එම සරසවියේ දෙවන වසරේ සිසුවකු වන චංක චරිත් දිල්ෂාන් දයාරත්න සිසුවා මෙසේ මියගොස් ඇති අතර මෙම මරණයට විශ්ව විද්‍යාලය තුළ සිදු කළ අමානුෂික නවක වදය දරා ගැනීමට නොහැකිව සිදු කරගත් සියදිවි හානි කරගැනීමක් බවට මව්පියෝ චෝදානා කරති.

ඒ ගැන වහා පරීක්ෂණයක් සිදු කර වරදකරුවන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා එම සිසුවාගේ පියා වන රුවන් දයාරත්න ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය වෙත අද පැමිණිලක් ඉදිරිපත් කළේය.

ගම්පොළ අටබාගේ ඉහළගම පදිංචි 23 හැවිරිදි මෙම සිසුවා විශ්ව විද්‍යාලයේ සිට හදිසියේම නිවසට පැමිණ කාටත් හොර රහසේ නිවස පිටුපසදී 29 දින සවස ගෙලවැලාගෙන මියගොස් තිබුණි.

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක එකම විශ්ව විද්‍යාල සිසුවා මෙසේ මිය යාමට ප්‍රථම දැඩි කම්පනයට පත් මව්පියන් හා ඥාතීන් ශෝක වී සිටිති.

මියගිය චංක චරිත් දිල්ෂාන් දයාරත්න විශ්වවිද්‍යාලයේ මුහුණ දුන් නවක වාද සිද්ධියේ අමානුෂිකත්වය සිය පුංචි අම්මා වන හර්ෂණී තරංගා හට මිය යාමට පෙර පැවැසූ බව පුංචි අම්මා කියයි.