සරසවි දෙකක් කොරල් විනාසේ සොයයි


කොරල් පර විනාශට බලපාන හේතු ජංගම විදුලි සන්දේශ ජාලය උපයෝගී කැරගෙන නිසැකවම සොයාගැනීමේ පර්යේෂණ සරසවි දෙකකින්  දැන් සිදු කෙරේ.

කොරල් පර ආශ්‍රීත මුහුදේ පරිසරය නිරීක්ෂණය කිරීමේ පර්යේෂණ  මොරටුව හා රුහුණ විශ්ව විද්‍යාල මගින්  සිදු කැරෙන බව  මොරටු විශ්ව විද්‍යාලයයේ ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ අංශයේ මහාචාර්ය දිලිකා ඩයස් මහත්මිය පැවසුවාය.

මේ යටතේ නියමු  ව්‍යාපෘතියක් මිරිස්ස මුහුදේ ක්‍රියාත්මක වෙයි.

මුහුදේ උෂ්ණත්වය වෙනස්කම් හා සෙසු හේතු කවරේදැයි  දැන ගැනීමට පැය භාගයකට වරක් දත්ත එකතු කරන බවද ඕ කීවාය.

‘කොරල් පර විනාශ වීමේ තර්ජනයක් පවතී .ඊට තුඩු දෙන නිශ්චිත විද්‍යාත්මක හේතුව මෙතෙක් අනාවරණය කැරගෙන නොමැත.

එබැවින් මෙම පර්යේෂණ සිදු කෙරෙයි.මෙම පර්යේෂණයනට රුහුණු විශ්ව විද්‍යාලයයේ ධීවර,සාගර විද්‍යා සහ තාක්ෂණ පීඨයේ  මහාචාර්ය රුචිරා කුමාරතුංග මහත්මිය සහ ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සහාය දක්වති.

පර්යේෂණ මුල්‍ය දායකත්වය ඩයලොග් ආයතනය පවසයි.

1560777_10202108734952135_792338822_n 10155590_10202646030664192_708204221_n 10173642_10202646155307308_1098088667_n