(ප්‍රින්ස් රත්නායක)
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති නියෝජිතයින් තිදෙනෙකුට අද (16) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් කැඳවීමක් කර ඇතැයි විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.
මුදල් ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් මහා සමඟ භාණ්ඩාගාරය සමඟ සමඟ මෙම සාකච්ඡාව පැවැත්වීමට දැනුම් දී ඇති බවත් ඒ සඳහා සහභාගීවනවාද යන්න පිළිබඳව නිශ්චිතව තීරණය කර නැති බවත් ,දින 17 ක් ගත වී තවමත් නිසි විසඳුමක් ලැබී නැති බවත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
උසස් අධ්‍යාපන ඇමැතිවරයා දුරකථනයෙන් අමතා කීවා මුදල් නොමැති ප්‍රශ්නයක් පිළිබඳව. අපි කීවා මුදල් නොමැති නම් චක්‍රලේඛය නිකුත්කර දෙන්න කියා. අපි අඛණ්ඩව මේ වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන යනවා. ආණ්ඩුව පැත්තෙන් ඒ විශ්වාසය කඩ කළා .අමාත්‍යවරයාට මෙයට මැදිහත් වන්නැයි අපි කියනවා. අද (16 ) පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුවන් උද්ඝෝෂණයක් කරනවා මේ ගැටළුව සම්බන්ධව.
මේ ආකාරයෙන් බාහිර පාර්ශවයන් මැදිහත් වෙමින් සිටිනවා සහයෝගයට අපගේ ඉල්ලීම් වල සහ වර්ජනය සම්බන්ධයෙන් කිසිම පාර්ශවයක් එය අසාධාරණ බව කියන්නේ නැහැ.ප්‍රතිපාදන කොමිසම හෝ අමාත්‍යවරයා කියන්නේ නැහැ. අපගේ ඉල්ලීම් අසාධාරණයයි කියා. නමුත් එය ට මැදිහත් නොවීමයි අපිට තියන ගැටලුව. අපි රැස්වීමෙන් පසුව ඒකාබද්ධ කමිටු රැස්වෙනවා”