( මනෝප්‍රිය ගුණසේකර )
බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිසුන් බඳවා ගැනීමට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන් පසුගියදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට කළ උද්ඝෝෂණයට සම්බන්ධ බව කියමින් අත්අඩංගුවට ගත් කවටයමුණේ සද්ධාතිස්ස හිමි ඇතුළු සරසවි සිසුන් 10 දෙනකු ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (4) නියම කාළේය.
රුපියල් 10,000 ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ශරීර ඇප මත සැකකරුවන් සියලු දෙනා මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන ජුනි 6 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියම කළේය.