සරසවි අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි -වර්ජනය දිගටම


(ප්‍රින්ස්  රත්නායක)
විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ගැටළුව විසදීම සඳහා විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේදී   වෘත්තිය සමිති නියෝජිතයන්  සමඟ  අද (19)  පස්වවේ  පැවති දෙවන සාකච්ඡාවද අසාර්ථක වී තිබේ.
කොමිෂන් සභ සභාපති ,එම ලේකම් ,උප සභාපති හා උසස්  අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සමග විශ්වවිද්‍යාල  වෘත්ත්තීය සමිති කමිටු  නියෝජිතයන්  12ක් මේ සඳහා සහභාගී වු බව අනධ්‍යන සේවක වෘත්ත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති  එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.

මතුව ඇති ගැටළුව පිළීබඳව අදහස් දැක්වු මල්වත්ත මහතා
 “සාකච්ඡා පවත්වන්න එන්න කිව්වට ඒ අය ළඟ කිසිම විසඳුම් තිබුණේ නැහැ. අපට කිසිම යෝජනාවක් නැහැ ඒ අයගෙන්. ඊයෙ උසස්  අධ්‍යාපන ඇමැතිවරයා  කීවා අද සාකච්ඡාවට  ගිහින් එකඟතාවක් ඇති කරගන්න .මේ අය කියන්නේ බෑ. දෙන්න බෑ. අපිට යෝජනා කරන්න කියා.ඒ අයගෙ පැත්තෙන් මේ ප්‍රතිශතය දෙන්න පුළුවන් කියල කියන්නේ නැහැ. කේවල් කිරීම  කියන්නේ දෙපාර්ශවයම එකඟතාවයකට එන්න ඕනෑ. ඇමතිතුමා  කීවෙත් එකඟතාවකට එන්නෙ මුදල් අමාත්‍යාංශයේ හා කැබිනට් අනුමැතිය  ලබා දෙනනම් කියා. නමුත් මේ අය කියනවා ඇමතිතුමා  දන්නේ නැහැ තියෙන මුදල්  ප්‍රමාණය  කියලා. මේ ගැටළුව විසදෙනකල් අපි දිගටම වර්ජනය කරනවා‘