සරත් ෆොන්සේකා ඡන්දය දෙයි


ප්‍රජතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිළියන්දල බටකැත්තර ඡන්ද මධ්‍යස්ථානයේ දී අද ඡන්දය ප්‍රකාශ කළේය.

පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පැවසුවේ ෆොන්සේකා මහතාට මැතිවරණ දෙපාර්තමේන්තුවේන් නිල ඡන්ද පත්‍රිකා ලැබුණු බවයි.

ඒ අනුව ෆොන්සේකා මහතා අද ඡන්දය ප්‍රකාශ කළ බවත්, කිසිවකුගෙන් ඊට බාධාවක් නොවූ බවත් කැටගොඩ මහතා කීවේය.

වසර දෙකක් සිර ගත වී සිටි ෆොන්සේකා මහතා ජනපති සමාව ලැබ නිදහස් වීමෙන් පසු ප්‍රථම වතාවට ඡන්දය භාවිත කළේ මෙම ඡන්දයේදීය.

බොහෝ දෙනකු පැවසුවේ දෙවසරක් සිරගත වී සිටි නිසා ඒ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි වී ඇති බවයි.