සමාජ හා ආර්ථික ගැන විද්වතකු ලෙස සැලකුණු සරත් ප්‍රනාන්දු මහතා (72) අභාවප්‍රාප්ත විය.
ගොවි නායකයෙකු වූ ඒ මහතා 60 දශකයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටියදී ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කළේය. සරත් ප්‍රනාන්දු මහතා 71 කැරැල්ලේදී සිරගතවී 76 වසරේදී නිදහස ලැබුවේය.මාක්ස්වාදී දැනුම හා තම අත්දැකීම් ඉවහල් කරගනිමින් ගොවි ක්ෂේත්‍රයේ පුළුල් සංවිධාන ගොඩනැගීමට උර දුන් අතර සෙඩෙක් ආයතනයට සම්බන්ධවී 1987 දී දේව සරණ සංවර්ධන කේන්ද්‍රයට සම්බන්ධ විය.
1989,90 ගොවි තොරතුරු මධ්‍යස්ථානය ආරම්භ කළේය. 90 දශකයේදී ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණය ව්‍යාපාරය නිර්මාණය කළේය.
දේහය අද ඉබ්බාගමුව යකල්ල නිවසේ සිට උදේ 11 ට යකල්ල දේවසරණ මධ්‍යස්ථානයට මහජන ගෞරවය පිණිස රැගෙන එන අතර අවසන් කටයුතු සවස 4 ට කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.


