සරත් චන්ද්‍රසිරි දිවි රඟ මඩලින් බැසයයි


(ඩයනා උදයංගනී)

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (4) අලුයම අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 57 හැවිරිදි වියෙහි පසුවිය.

වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඔහු 'පබා' ටෙලි නාට්‍යයේ සමගිපුර වසන්ත ආදී ජනප්‍රිය චරිත රැසකට පණ දුන්නේය.