සරණෙන් සුභ සරණ


වයස අවුරුදු අටේදී පියා මිය යාමත් මව අසනීප වීමත් නිසා අම්පාර උහන සරණ ළමා නිවාසයට අවුත් වසර පහළොවක් එහි හැදී වැඩුණු දැරියක වු නිරෝෂා කුමුදිනී ප්‍රනාන්දු (23)අද වැලිගම කොක්මාදුව නුවන් ප්‍රියංකර (25) සමඟ යුග දිවියට ඇතුළු වුවාය.

මංගල චාරිත්‍ර සියල්ල අනුගමනය කැරිණි.

උසස් පෙළ දක්වා උගෙන පෞද්ගලික ආයතනයක රැකියාවක්ද ලැබු ඇය තම මව සේ සළකනුයේ ප්‍රධාන පාළිකා නිල්මිණි  ජයසිංහ මහත්මියයි.

ළමා නිවාසයේ පාළක මණ්ඩලයේ සභාපති දොස්තර ලංකා තිලක ජයසිංහ  ලේකම් ආර් එම් රත්නායක,භාණ්ඩාගාරික ඩබ්ලිව්  ටී ගලේවෙල,මනෝවිද්‍යා උපදේශක වී එම් පී ආරියරත්න මහත්වරුද මඟුල් ගෙදර පැමිණ සිටි අය අතර වුහ.