තමිල්නාඩුවේ තිරුවාදවූර් සරණාගත කඳවුරේ නිවසක සෙවිලි තහඩු වලට යටවී ජීවිතක්ෂයට පත්වූ ලාංකික දැරියක වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 20,9200) ක වන්දි මුදලක් ගෙවන ලෙසට මදුරාසි මහාධිකරණය එරට රජයට නියෝග කර ඇතැයි " ද හින්දු " පුවත්පත් වෙබ් අඩවිය අද(09) වාර්තා කළේය.
මදුරාසි මහාධිකරණ විනිසුරු ආර්.මහාදේවන් විසින් මෙම නියෝගය පනවා තිබේ.
අදාළ කඳවුරේ පදිංචිව සිටියදී අනාරක්ෂිත නිවසේ සෙවිලි තහඩු කඩා වැටීමෙන් 11 හැවිරිදි සිය දියණිය මරණයට පත් කිරීම වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා එම දැරියගේ පියා ගොනු කළ නඩුව විභාගයට මදුරාසි මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය පනවා තිබේ.

