සරණට ඇප


හිටපු ඇමැති සරණ ගුණවර්ධන රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප 5 ක් මත මුදාහරින ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය අද (30) නියෝග කළාය.

පරණ යකඩ ව්‍යාපාරිකයකුට විකුණන බව කියා ඔහුගෙන් රුපියල් ලක්ෂ 96 ක් වංචා කළැයි මොහුට එරෙහිව පැමිණිලි කර ඇත.

එක් ඇපකරුවකු රාජ්‍ය සේවකයකු විය යුතු බවත් දෙදෙනකු ළඟම නෑයන් විය යුතු බවත් නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවියට බාර දෙන ලෙසද හැම ඉරිදාවකම රහස් පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කළාය.