හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රැලියක නීති විරෝධී සැරසිලි වලට එරෙහි වූ එජාප ආධාරකරුවකුට පහර දුන්නැයි කියන හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු සමඟ රිමාන්ඩ් බාරයේ සිටි ඔහුගේ ආධාරකරුවන් වන ජී එච් සුදත් පුෂ්පකුමාර, ජී ජී සුසිල් ප්‍රේමරත්න හා ආරියසිංහ සමීර අසංක රුපියල් පනස් දහසක ශරීර ඇප දෙකක් මත මුදා හළ මහේස්ත්‍රාත් හැම ඉරිදාවකම පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

