මැතිවරණ සමයේ තරුණයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නියොජ්‍ය ඇමැති සරණ ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොලිසිය කියයි.
මැතිවරණයට ඉදිරිපත් වූ ඔහුගේ බිරිය චිනාරි ගුණවර්ධනගේ නම සහිත කොඩි කණු මැතිවරණ නීති උල්ලංගනය කරමින් සිටුවනවාට විරුද්ධ වු තරුණයකුට ගම්පහ අධිකරණය ඉදිරිපිට දී පහර දී ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.
පහර කෑ බව කියන තරුණයා දින දෙකක් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලැබීය.

