( තිළිණි ද සිල්වා )
මෙරට වෙබ් අඩවි කිහිපයකට ඉකුත් දා එල්ල වූ සයිබර් ප්‍රහාරය විදෙස් ගත කණ්ඩායම් දෙකක් විසින් සිදුකර ඇති බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියා සිටී.
ඒ අනුව පසුගිය 18 වනදා එල්ල වූ එක් සයිබර් ප්‍රහාරයක් එක් විදෙස් ගත කණ්ඩායමක් විසින් සහ පසුගිය 19 වැනි දා එල්ල වූ සයිබර් ප්‍රහාරය තවත් විදෙස්ගත කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබ ඇති බවට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී ලාල් ඩයස් මහතා පැවසීය.
මේ වන විට සයිබර් ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි 99 % ක්ම යළි යථා තත්ත්වයට පත් කර ඇතැයි ද එක් වෙබ් අඩවියක් පමණක් යථාතත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් කීය.
වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වුව ද, ඉන් කිසිදු දත්තයක් ලබා ගැනීමට එම ප්‍රහාරකයින්ට අවස්ථාව ලැබී නොමැති බව අනාවරණය වූ බවද ඔහු කීය.
පසුගිය ඉරිදා ( 19 ) එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් මෙරට තේ පර්යේෂණායතනය , රජරට විශ්ව විද්‍යාලය පෞද්ගලික ආයතන කිහිපයක ඇතුළු වෙබ් අඩවි 10කට බලපෑම් එල්ල වූ අතර ඒ අතරට කුවේටයේ මෙරට පිහිටි තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය ද ඇතුළත් ය.
මේ අතර රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත්, ඒ යටතේ අමතර ආරක්ෂක මෘදුකාංග හඳුන්වා දීමට පියවර ගෙන තිබේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කර සිටී.

