සයිනෝෆාම් දෙවැනි මාත්‍රාව ජූනි 08 සිට


(රංජන් කස්තුරි)

කෝවිඩ් මර්දනය සඳහා ලබා දෙන චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම ජූනි මස 8 වැනි දා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අංශ කියයි.

අලුතින් ලැබී ඇති සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහෙන් මාත්‍රා 375000ක් දෙවැනිවටය සඳහා ලබාදීමට නියමිතය.

සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් 521470 දෙනකුට ලබා දී තිබේ.