සයින්දමර්දු වැසියෝ ප්‍රා සභාවක් ඉල්ලා හර්තාල්


(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර සයින්දමර්දු ප‍්‍රදේශයට ප්‍රාදේශිය සභාවක් ඉල්ලා එම ප‍්‍රදේශයේ ජනතාව දින 3ක හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

මෙම හර්තාල් ව්‍යාපාරය නිසා සයින්දමර්දු නගරයේ කඩ සාප්පු, රජයේ කාර්යාල, බැංකු,  පාසල්  ඇතුළු සියලු ආයතන වසා දමා තිබේ.

අම්පාර අක්කරපත්තුව ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි  සිදුවෙන අතර දින තුනක් මෙම විරෝධතාව පවත්වන  බව සයින්දමර්දු ජුම්මා පල්ලියේ සභාපති වයි.එම්. හනිපා මහතා පැවසීය.