සයිටම් හිටපු ප්‍ර.වි.නිලධාරී අත්අඩංගුවට


ඉන්දිකා රාමනායක /  නිමන්ති රණසිංහ


සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න  මහතා මිට මද ලොවකට පෙර අපරාධ  පරික්ෂක  දෙපාර්තමේන්තුව  විසින් අතඅඩංගුවට ගත් බව පොලිසිය  කියයි.


වෛද්‍ය සමිර සේනාරත්න  මහතා ගමන්ගත් මෝටර් රථයට ඉකුත්  2017 වසරේ පෙබරවාරි මසදිනක සයිටම් ආයතනය ආසන්නයේදි වෙඩි ප්‍රහාරයක් එල්ල වු අතර  එය  හිතා මතාම සැලසුම් සහගව සිදුකරන ලද සිදධියක් බවට හෙළි වි තිබු බව පොලිසිය.


ඒ අනුව ඒ සම්බන්ධයෙන්  වෛද්‍ය සේනාරත්න  මහතාගෙන් ඒ සම්බන්ධයෙන්  අපරාධ පරික්ෂක  දෙපාර්තමේන්තුවට  මිට පෙර දිනක ප්‍රශ්න කර තිබුණි.


එම ප්‍රශ්න  කිරිමට අදාලව මෙම අත්අඩංගුවට  ගැනිම සිදුකර ඇත


අත්අඩංගුවට  ගත් සේනාරත්න  මහතා අද කඩුවෙල මහේස්ත්‍රාත්  අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතයි.