ඩයනා උදයංගනී
නිසි ප‍්‍රමිතියකින් හා වෛද්‍ය සභාවේ අනුමැතියෙන් ද තොර සයිටම් වෛද්‍ය පීඨය වහා අහෝසි කර එහි සිසුන්ට සාධාරණය ඉටුකිරීමට රජය පියවර නොගතහොත් දෙසැම්බර් 31 වැනිදායින් පසු දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පවසයි.
වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මේ බව පැවසුවේ කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේ පිහිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සයිටම් වෛද්‍ය පීඨය ස්ලිට් ආයතනයට ලබාදුන්නත් මෙතෙක් එහි ප‍්‍රමිතිය සහතික වී නොමැති බැවින් බාල වෛද්‍යවරුන් බිහිවීමේ අවදානම පහව නොයන බව ද ලේකම්වරයා සඳහන් කළේය.
සයිටම් වෙනත් නමක් සහිත පෞද්ගලික ආයතනයකට විකිණිමෙන් එහි ප‍්‍රමිතිය තහවුරු කිරීමට හෝ වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගැනීමට හෝ එහි අධ්‍යාපනය ලබන සිසුන්ට නිසි ප‍්‍රමිතියක් ලබාදිය නොහැකි බවත් කී වෛද්‍යවරයා ඒ අනුව ඉතිරිව ඇති එකම විකල්පය සයිටම් ආයතනය වහා අහෝසි කර දැමීම බව ද ප‍්‍රකාශ කළේය.

