(රංජන් කස්තුරි)
සයිටම් ආයතනය සම්පූර්ණයෙන්ම අහෝසි කර අලුතින් ඇරඹීමට නියමිත වයඹ, සබරගමුව හෝ මොරටුව යන වෛද්‍ය පීඨවලට සුදුසුකම් සහිත සයිටම් සිසුන් අනුයුක්ත කරන්නැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය රජයට යෝජනා කර ඇත.
සයිටම් සිසුන්ට සාධාරණය ඉෂ්ට කිරීමේ මුවාවෙන් නව ආයතනයක් පිහිටුවා ඊටද අලුත් සිසුන් බඳවා ගැනීමට විරෝධය දක්වන බවද ඔවුහු කියති.
ජනපතිට සහ අගමැතිට ලිපියක් යොමු කරමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර එසේ සඳහන් කර ඇත. හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිවරයාගේ අත්සනින් ලැබුණු විසඳුම් අඩංගු ලිඛිත ප්‍රකාශයේ ගැටලු සහගත තැන් කිහිපයක් සම්බන්ධයෙන් ද එම ලිපියේ කරුණු සඳහන් කර ඇත.

