(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට බඳවා ගන්නා බවට ගැසට් නිවේදනය නිකුත්කර මසක් ගතවුවද තවමත් එම සිසුන් ඇතුළත් කරගෙන නැතැයි සිසුහු චෝදනා කරති.
සයිටම් සිසුන් බඳවා ගැනීමේ උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 7 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැති අතර පාර්ලිමේන්තුවේදී ඊට අදාල පනත් කෙටුම්පතද සම්මත විය.