සයිටම් සිසුන් කොතලාවලට ඇතුළත් කිරිමේ පනත හෙට පාර්ලිමේන්තුවේ විවාදයට


රංජන් කස්තුරි        

                                                          
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම සඳහා වන ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත හෙට (19) පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිතය.


මෙම පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිම් වී තිබෙන අතර අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.


2009 වසරේ සැප්තැම්බර් මස 15 වැනි දින සිට 2017 වසරේ මැයි 15 වැනි දින දක්වා මාලබේ සයිටම් වෛද්‍ය පීඨයේ ලියාපදිංචිය ලැබු සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගතයුතු බව එම පනත් කෙටුම්පතේ  සඳහන් කර ඇත.


කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමේදී  මාලබේ සයිටම් සිසුන්ගේ අවම සුදුසුකම් පරීක්ෂා කර බැලෙන අතර ඔවුන්ට අධ්‍යයන පොදු සහිතක පත්‍ර උසස් පෙළ විභාගයේදී රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා ජීව විද්‍යාව යන විෂයන්ට සාමාන්‍ය සාමාර්ථ තිබිය යුතු බවද එම පනතේ සඳහන් කර ඇත. 


ඒ අනුව සයිටම් සිසුන් 900ක් පමණ  කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කර ගැනීමට සුදුසුකම් ලබා සිටිති.