සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කළ සමීර සේනාරත්න මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය ඊයේ රිමාන්ඩ් කරන ලද නාගරික මන්ත්‍රීවරයා යොදවා කළ රංගනයක් බවට විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම රංගනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් සේනාරත්න මහතා ද නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද එම ආරංචි මාර්ග පවසයි.
මෙම සිද්ධියේදී වාහනයට වෙඩි වැදුණු ආකාරය අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කණ්ඩායම්වලට මුලින්ම සැක මතුවී තිබුණු අතර දුරකතන විශ්ලේෂණ වාර්තා ඇතුළු අනෙකුත් සාක්කි අනුව මෙය සැලසුම් සහගත රංගනයක් බවට පෙනී යන්නේයැයි පොලිස් ආරංචි සඳහන් කරයි.
ඒ අනුව සමීර සේනාරත්න මහතා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.