(නිමන්ති රණසිංහ)
සයිටම් විරෝධී උද්ඝෝෂණයක් පවත්වමින් අධිකරණ නියෝග කඩකළැයි කියන සිද්ධියට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ නමක සහ තවත් ශිෂ්‍යයන් 7 දෙනකු හෙට (19) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
අධිකරණ සංවිධාන පනතේ 55(1) වගන්ති ප්‍රකාරව අධිකරණ නියෝග කඩ කළැයි කුරුඳුවත්ත පොලිසිය මෙම සැකකාර සිසුන් බදාදා (17) රාත්‍රී 9.30ට පමණ ප්‍රධාන මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නියෝගය ලැබිණි.

