සයිටම් විරෝධී පාගමනට තහනම් නියෝගයක්


(ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ කි‍්‍රයාකාරි කමිටුව ආරම්භ කර ඇති විරෝධතා පාගමන උද්ඝෝෂකයන්ට රාජ්‍ය ආයතන වලට ඇතුලූ වීම වළක්වමින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද (9) තහනම් නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම විරෝධතා  මහජනයාට හිරිහැර නොවන පරිදි  හා මහජන සාමයට බාධාවක් වන පරිදි පැවැත්විය නොහැකි බවට ද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළ බවද රුවන් ගුණසේකර මහතා කීය. 

මෙම නියෝගය සිදුකළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකරට හා  වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ  කැඳවුම්කරු රයන් ජයලත් සහ උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිසට බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.