සයිටම් විරෝධී උපවාසය ගැන මත ගැටුම්


සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලමින් හෙට මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය කියයි.
 
ඒ සඳහා මව් පියවරුන් පස් දෙනකු සහභාගී වන බව ද, එය පවත්වන ස්ථානය දැන්ම හෙළි කළ නොහැකි බව ද සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය. නමුත් එම සංගමයේ ලේකම් ගාමිණී ඒකනායක මහතා පැවසුවේ මාරාන්තික උපවාසය සඳහා දැනට දෙමාපියන් තුන් දෙනකු සිටින බවයි. හෙට වන විට එම පිරිස වැඩි කර ගත හැකි බව ද ඔහු කීවේය.
 
එම උපවාසයට සහය දක්වන බව සයිටම් විරෝධී සටනට සහාය දක්වන සංවිධාන කිහිපයක් අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු සංවිධාන නියෝජිතයෝ ද ඊට සහභාගී වූහ.
 
මෙම මාරාන්තික උපවාසය නොපැවැත්විය යුතු යැයි එම ඇතැම් සංවිධානවල අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ඇතිවී තිබෙව බව ආරංචි මාර්ග කියයි. මෙම මාරාන්තික උපාවසය නිසා සයිටම් විරෝධී සටනේ සිටි පිරිස අතර මත ගැටුම් ඇතිවී තිබෙන බවත් දැනගන්නට තිබේ.
 
රජය අවසන් විසඳුම ඉදිරිපත් කළ පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට ප්‍රසාදය පළ කිරීම ගැන ද සයිටම් විරෝධීන් අතර මත ගැටුම් ඇති විය.