සයිටම් විරෝධී උද්ඝෝෂණය ගැන පොලිස් පරීක්‍ෂණ


ඉන්දිකා රාමනායක

අධිකරණ නීති සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඉකුත් (25) වැනි දින  සරසවි සිසුන් පැවැත් වූ විරෝධතාව සම්බන්ධයෙන්  පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන්  නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිද්ධියේ සැකකරුවන් හදුනාගැනීමට විරෝධතාව  සම්බන්ධයෙන්   විද්‍යුත් මාධ්‍ය ආයතන  වල විකාශනය  වු දර්ශන ලබා ගැනීමට  මහේස්ත‍්‍රාත්වරයාගේ අවසරය   ලබා ගත් බවද  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකරයා කීය.

එම වීඩියෝ දර්ශන ලබාගෙන ඒ අනුව පරීක්ෂණ පවත්වා  සිද්ධිය මෙහෙය වු ප‍්‍රධාන සැකකරුවන් ඉදිරියේ දී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.