සයිටම් විධායකගේ සිද්ධියට කඩුවෙල නාගරික මන්ත්‍රී රිමාන්ඩ්


නිමන්ති රණසිංහ 
 
සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක     සමීර සේනාරත්න මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය අත්අඩංගුවට ගත් කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව මහතා ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

 
ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 100 වගන්තිය ප්‍රකාරව සහ තුවක්කු ආඥාපනත මෙන්ම පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත ප්‍රකාරව මෙම සැකකරු වරදක් සිදුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයට දැනුම් දුන්නේය.
 
සමීර සේනාරත්න මහතා වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දීම සහ කේ. ජී. 3807 කාර් රථයට අලාභහානි සිදුකිරීම යන චෝදනා දෙකට අදාළව මෙම සැකකරු ඊයේ (18) පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එදින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (19) දක්වා රැදවුම් නියෝග මත රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී  තිබිණි.