( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුන්ට රජයේ වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි වීමට අවසර ලබා දෙමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) තීන්දු කළේය.
එම විශේෂ අභියාචනා පෙත්සමේ පෙත්සම්කාර සහ වගඋත්තරකාර දෙපාර්ශවයේ කරුණු විභාගය අවසන් කරමින් ඊවා වනසුන්දර , නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නැතිවම කල් තබන ලදී.