සයිටම් නීතිගත කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුහු වීදි බසිති


( චමිල් රූපසිංහ)


අහෝසි කිරිමට නියම වු සයිටම් ආයතනය රජය විසින් නිතිගත කිරිම යැමට විරුද්ධව පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ සිසුහු  අද (08) ගලහ මංසන්දියේදි විරෝධතාවයක නියලුණහ.


පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු දිදුල අමරසිංහ පැවැසුයේ මේ සම්බන්ධව අධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුවට බොහෝ විට සයිටම් ආයතනය නිතිගත කිරිමට රජය සැලසුම් සකස් කර ගැනිමට බලාපොරොත්තු වන බවත් , ආණ්ඩුව මේ වන විට සයිටම් අහෝසි කළ බව පැවසුවත්  එය කිසිම ගැසට් පත්‍රයක හෝ සඳහනක් නොමැති බවයි.


මේ සඳහා ස්ථිර නිසි විසඳුමක් ලබා දෙන මෙන්ද ඔවුහු රජයෙන් ඉල්ලිමක් කරති.