සයිටම් ගැන රජයේ ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන්න‘යි වෛද්‍ය නිලධාරීහු කියති


(රංජන් කස්තුරි)

මාලඹේ  සයිටම් පෞද්ගලික වෛද්‍ය  විද්‍යාලය සම්බන්ධයෙන්  මේ වන විට  ප්‍රකාශයට  පත් වී  තිබෙන රජයේ  ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්  දෙන්නැයි  බලධාරින්ට බල කරන සිටින බව රජයේ  වෛද්‍ය  නිලධාරින්ගේ සංගමය පවසයි.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සයිටම්  ආයතනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය අප්‍රේල් මස 7 වැනි දින ප්‍රකාශයට  පත් කළ අතර  අද (15) දනයේ ද තවත් කරුණු සහිත මාධ්‍ය  දැන්වීම්  පළ කර  තිබෙන බවද රජයේ  වෛද්‍ය නිලධාරින්ගේ  සංගමයේ  ප්‍රධාන ලේකම්  වෛද්‍ය  නවීන්ද සොයිසා  මහතා කීවේය.