සයිටම් ගැන තවත් සාකච්ඡාවක් 26 වැනිදා


තිළිණි ද සිල්වා සහ  රංජන් කටුගම්පොළ 
 
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල උපාධිය පිළිබඳ ජනාධිපති උප කමිටු වාර්තාව දැනට ලැබී ඇති බවත් , ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡාවක් මේ මස 26 වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ දී පවත්වන බවත් නීතිපති අද  ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
 
නීතිපතිවරයා වෙනුවෙන් මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා විසිනි.  
 
මෙම තත්ත්වය මත අදාළ අභියාචන පෙත්සම කැඳවීමට ඉදිරි දිනයක් ලබා දෙන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය. ඒ අනුව එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම ලබන 29 වැනිදා යලි කැඳවන ලෙස නියෝග කෙරිණි.
 
මෙම පෙත්සම ඊවා වනසුන්දර ,නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන  යන   ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳැවිණි.