සයිටම් ගැටළුව සම්බන්ධයෙන් වූ අවසන් තීරණයේ ඇති ගැටලු ගැන සාකච්ඡා කිරීමට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් නව කමිටුවක් පත් කිරීමට ජනපතිවරයා තීරණය කර ඇත.
මාලබේ සයිටම් ආයතනය වෛද්‍ය උපාධිය පිරිනැමීම පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට ජනපතිවරයා විසින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධාන්වයෙන් යුතුව පත් කරනු ලැබූ කමිටුව විසින් ලබාදුන් තීරණය සම්බන්ධයෙන් වූ ගැටළු මෙහිදි සාකච්ඡා කෙරේ
එම කමිටුවේ සභාපතිත්වය නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් දරනු ලබන අතර ඊට අදාළ පාර්ශ්ව නියෝජනය කරන නව දෙනෙක් පත් කරනු ලැබ සිටිති.
එම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,වෛද්‍ය පීඨ ආචාර්ය සංගමය සහ වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගම් නියෝජනය වන පරිදි තිදෙනකුගෙන් යුත් අධීක්ෂණ කමිටුවක් ද පත් කර තිබේ.

