රංජන් කස්තුරි
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් හෙට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට නියමිතය.
මෙලෙස කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගන්නේ සයිටම් ආයතනයට ඉකුත් 2017 වසරේදී බඳවා ගත් 14 වැනි ශිෂ්‍ය කණ්ඩායමට අයත් සිසුන් 40 දෙනෙකි.
එම සිසුන් සයිටම් ආයතනයේ වසරක පමණ කාලයක් අධ්‍යාපනය ලබා තිබෙන නමුත් එම අධ්‍යාපන කාලය නොසලකා ඔවුන් පළමු වසරේ ශිෂ්‍ය කණ්ඩායමක් ලෙස ඇතුළත් කර ගැනීමට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ බලධාරීන් තීරණය කර ඇත.
මේ අතර එම සිසුන්ට එක් අධ්‍යාපන වසරක් සඳහා රුපියල් තුන් ලක්ෂ අසූ දහසක මුදලක් ද ගෙවන ලෙස දැනුම් දී ඇත.