මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කළ බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවට පැවසීය.
එමෙන්ම ඒ සඳහා යළි සිසුන් බඳවා නොගන්නා බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
සයිටම් ගැන සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා එම ප්‍රකාශය කළේය.
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය හදාරන වෛද්‍ය සිසුන් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා පනත අනුව කටයුතු කරන බවද , එහෙයින් දැනට උපවාසයේ යෙදී සිටින වෛද්‍ය සිසුන්ගේ දෙමාපියන් එය අතහරිනු ඇතැයි තමා විශ්වාසකරන බවද හර්ෂද සිල්වා මහතා කීවේය.

