සයිටම් අහෝසි කරන්න රජය තීරණය කරයි


ඩයනා උදයංගනී

මාලබේ ‘සයිටම්‘ පෞද්ගලික වෛද්‍ය පීඨය අහෝසි කිරීමටත්, ඒ වෙනුවට ලාභ නොලබන නව ආයතනයක් බිහි කර දැනට අධ්‍යාපනය ලබන සුදුසුකම් සහිත සිසුන් එයට අනුයුක්ත කිරීමටත් රජය තීරණය කර තිබේ.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ සයිටම් ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූ කමිටුවේ යෝජනා සැලකිල්ලට ගනිමිනි.

 එම යෝජනා අනුව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා හිමිකාරීත්වය දරන ලාභ පදනම් කරගත් ආයතනය අහෝසි කෙරෙන අතර යෝජිත නව රාජ්‍ය නොවන ආයතනය එහි  ආදායම ආයතනයේ සංවර්ධනයට, පර්යේෂණ කටයුතුවලට හෝ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යෙදවීමට   එම යෝජනාවලියේ සඳහන් කර තිබේ.

සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කමිටුව ඉදිරිපත් කර ඇති විසඳුම් ඇතුළත් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව   අද (29) නිකුත් කළේය.

සයිටම් ආයතනය වර්තමාන හිමිකාරිත්වයෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට ද යෝජනා කර තිබේ.

වෛද්‍ය විද්‍යාලවල අවම ප්‍රමිතිය ගැසට් කිරීමට ද එමගින් යෝජනා කර ඇති අතර මේ සමස්ත ක්‍රියාවලිය අගෝස්තු 31 වැනිදාට පෙර අවසන් කළ යුතු බව ද සඳහන් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.