සයිටම් සිසුන් 982 ක් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ගන්න කැබිනට් අනුමැතිය


(අජන්ත කුමාර අගලකඩ)

 මාලබේ සයිටම් ආයතනයේ සිසුන් 982 දෙනකු  ශ්‍රීමත් ජෝන් කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලයට  අන්තර්ගහණය කර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා  සහ උසස් අධ්‍යාපන හා  සංස්කෘතික ඇමැති  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ කැබිනට් සංදේශයට අනුමැතිය ලැබී තිබේ.


 ඒ අනුව සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුන්ගේ  සුදුසුකම් පරීක්ෂා කර බලා  කොතලාවල ආරක්ෂක  විශ්ව විද්‍යාලයේ  වෛද්‍ය  පිඨයට  ඇතුළු කර ගැනීමට අනුමැතිය ලැබුණු බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවසීය.


මේ සඳහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයපනත සංශෝධනය කරන බවද කීවේය.


 සයිටම් ආයතනය සඳහා වෛද්‍ය උපාධිය හැදැරීමට අලුතින්  සිසුන් ඇතුළත් කර ගැනීමට ඉඩ නොලැබෙන බවද අමාත්‍යවරයා පැවසීය.