සය රෝගෙට වැට බඳින්න පා ගමනක්


ක්ෂය රෝගය පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීමෙ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මෙහෙය වූ විශේෂ පාගමනක් කොළඹ මාළිගාවත්ත මැද කොළඹ රජයේ රෝහල ඉදිරිපිට දී අද පැවැත්විණි.

‘හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4000ක් අප අතර, පරීක්ෂණ හා පතිකාර මගින් සුවය.‘ යට තේමාව යටතේ පැවැති අතර සෞඛ්‍ය සේවාව නියෝජනය කරමින් වෛද්‍යවරු, හෙද හෙදියෝ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පාසැල් දරු දැරියෝ ද පාගමනට එක්වූහ.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.