නාලක සංජීව දහනායක
සමෘද්ධි ප‍්‍රතිලාභීන් ප‍්‍රමාණය වැඩිකළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී රත්නායක මහතා ලංකාදීපය අද (24) පැවැසීය.
ඒකාබද්ද විපක්‍ෂයේ යෝජනාවක් වශයෙන් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද මන්ත‍්‍රීවරයා කීය.
විශේෂයෙන්ම ඉන්ධන මිළ හා අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍යවල මිළ ඉහළ යෑම හේතුවෙන් ධීවර,කෘෂිකර්ම හා වතුකම්කරුවන් වැනි පිරිස් දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දී සිටින බැවින් ඔවුන් ඉලක්ක කරගනිමින් සමෘද්ධි ප‍්‍රතිලාබීන් ප‍්‍රමාණය වැඩි කළ යුතුව ඇතැයිද මන්ත‍්‍රීවරයා ස`දහන් කළේය.
සමෘද්ධි හිමියන් ගණන වැඩි කරන්නැයි ඒකාබද්ධයෙන් යෝජනාවක්
Recommended Articles