සමෘද්ධි බැංකුව මහ බැංකුවට යටතට ගැනීම අත්හිටුවන්නැයි ඉල්ලයි


(නාලක සංජීව දහනායක)


දුප්පතුන් වෙනුවෙන් තිබෙන සමෘද්ධි බැංකුව මහ බැංකුව යටතට පැවරීමේ උත්සාහය වහාම අත්හිටුවන ලෙසට අගැමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (8) පැවැසීය.
         
මහ බැංකුව වැනි ආයතනයක් යටතට සමෘද්ධි බැංකුව යටත් කළහොත් දිළිඳු ජනතාවට ණයක් ගැනීමට තිබෙන අවස්ථාව අහිමිව යන බවද ඔහු කීය.
                 
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


සමස්ත මුදල් ක‍්‍රමයම හසුරුවන ශ්‍රී ලංකා මහ බැංකුවට දැන් අකුණු ගහල ඉවරයි. දැන් මහ බැංකුව පිළිබඳ විශ්වසනීයත්වය බිඳවැටිලා ඉවරයි. මේ රජය යටතේ මහ බැංකුවට මහ දවල් සිදුකළ දේම සමෘද්ධි බැංකුවටත් කරන්නය අගමැතිවරයා සූදානම් වෙන්නේ.

මහ බැංකුව වැනි ආයතනයක් යටතට සමෘද්ධි බැංකුවත් යටත් කළහොත් අන්ත දිළිඳු ජනතාවට ණයක් සපයා ගන්න තියෙන අවස්ථාව අහිමිවෙලා යනවා.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේදී අද (8) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.