සමූපේ වැටුප් අසමබර වී සේවකයෝ පාරට බසිති


සමූපකාර සේවකයන්ට රුපියල් 5000 ක වැටුප් වැඩිවීමේ යෝජනාව ක්‍රියාත්මක කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛනයෙන් පහළ සේවකයන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින්  වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිති පරිපාලනයට හා වයඹ පළාත් සභාවට විරුද්ධව  වෙන්නප්පුව සමුපකාර සමිතියේ සේවකයෝ  අද (28) එම සමිතියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

එම ස්ථානයට පැමිණි වෙන්නප්පුව සමුපකාර සමිතියේ සභාපති ලලිත් පීරිස් මහතා කීවේ මෙම වැටුප් වැඩිවීම් සම්බන්ධ චක්‍රලේඛය හොර රහසේ ක්‍රියාත්මක කළ එකක් නොවන බව හා එය වෙන්නප්පුවට පමණක් ක්‍රියාත්මක වන්නක් නොවන බවයි.

IMG_7789 IMG_7791 IMG_7792 IMG_7796 IMG_7800 IMG_7803